අතීතයක්

මුහුණු පොතෙන් උපුටා ගත්ත කතාවකින් තමා කවිය ලියන්නේ. කතාවේ අයිතිය මේ අකේෂ මල්ලිට

http://www.facebook.com/akesha.nikshitha

ඇත්ත සිදුවීමක්😐 ඒ සුද්දා අදනම් පට්ට සැප ඈ..🍁 අඩේ ඔව් බං.. දැන්නම් පට්ට ෆීලින් පැතුමා😏 ඉදපන් ට්‍රැක් එකක්වත් දාන්නම් මන්😐 ******** 🎼උනුහුම 3( ටෙහාන්)🎼 අප්පෝ මොකක්ද බන් මේ දාපු සින්දුව පැතුමෝ😒 අඩේ වැරදිලා බන්..ඉදපන් මන් වෙන එකක් දාන්නම්😐 හා හා දාපන්කෝ එහෙනම් සුද්දෝ උබට කියන්නද සිරා සීන් එකක්..මේ සින්දුව ඇහුනට පස්සේ මට පරන සීන් එකක් මතක් උනා බං😐 මොකක්ද බං ඒ පැතුමෝ😐 අවුරුදු 3කට කලින්😐 මන් හොටෙල් එකක වැඩ කරද්දි ට්‍රිප් එකක් ගියපු සෙට් එකක් ආවා හොටෙල් එකට පට්ට ලස්සන අහිංසක පෙනුමක් තිබ්බ කෙල්ලෙකුත් හිටියා මචං ඔතන.. මන් කොහොමහරි සීන් කරලා නම්බර් එක දීලා මැසේජ් කරනකන් බලන් හිටියා මචං දවස් ගානක්.. ගොඩක් දවසකට පස්සේ දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවා..බලනකොට අර කෙල්ල… දෙහිඅත්තකණ්ඩියේ පැත්තේ ගෙවල් තියෙන්නෙ කියලා කීවේ..දුප්පත් පව්ලක අහිංසක කෙල්ලෙක් කොහොම කොහොම හරි ටික දවසක් මැසේජ් කෝල් කරාට පස්සේ මම කෙල්ලගෙන් එක පාරම ඇහුවා අපි දෙන්නා එෆයාර් එකක් පටන් ගමුද කියලා😕 කෙල්ල ටිකක් වෙලා කල්පනා කරලා “හරි මට දවසක් දෙන්න.මන් ඔයාට හෙට උත්තරයක් දෙන්නම්” කියලා කීවා මාත් ඉතින් කෙල්ලගෙන් උත්තරයක් එනකන් බලාගෙන හිටියා මචං..මොකද මටත් ලව් එකක් තිබුනේ නෑ.. ඊට පහුවදා කෙල්ල උදෙන්ම කෝල් එකක් ගත්තා😐 “අයියේ” “කියන්න නන්ගී… “කවදාහරි දවසක මන් නැතුව ඔයාට ඉන්න පුලුවන්ද…” “අනේ ඇයි නංගි එහෙම අහන්නේ..දැනටම මට ඔයා නැතුව විනාඩියක්වත් ඉන්න බැ වගේ…” “හරි ඉතින් මන් මැරුනොත් එහෙම උනුහුම 3 සින්දුවේ වගේ” “මේ මගෙන් ගුටි නොකා ඔය කතාව නවත්තනවා හරිද…” “හරි හරි ඉතින් නිකන් අනේ ඇහුවේ…” “ආයෙ එහෙම ඔය කතාව මට ඇහෙන්න කීවොත් එහෙම බලාගම්මු හරිද…” “හරි හරි මගෙ චන්ඩියෝ..” “කෝ ඉතින් ඔයා උත්තරයක් දුන්නේ නැනේ අහපු ප්‍රශ්නෙට…” “අපි එෆයාර් එකක් පටන් ගමු අයියේ…” “ඇත්තටමද කියන්නේ නංගියෝ…” “ඔව් අයියේ..ඇත්තමයි..” “මාව කවදාවත් දාලා යන්නේ නෑ නේද මගෙ නංගි…” “මැරෙනකන්ම මගෙ අයියා ලග මන් ඉන්නවා අයියේ…” “මන් දැන් කීවා නේද ඔය කතාව ආය කියන්න එපා කියලා😕 “හරි ඉතින් අයියේ අපි කවදාහරි අනිවාර්යෙන්ම මැරෙනවනේ…” “ඒ කවදාහරිනේ..එතකන් ඔයා මගෙ ලග ඉන්න ඕනි හරිද.අපි දෙන්නම එකට මැරෙමු වයසට ගියපුවහම…හරිද මැට්ටියේ…. “සත්තයි මගෙ අයියව දාලා යන්නේ නෑ මගෙ පන තියෙනකන්..” ************** “නිවාඩුවක් හම්බුන හැමදාම මන් නුවරින් පාන්දරින්ම ගිහින් කෙල්ලව හම්බෙලා එනවා ඒ දවස් වල.. “අවුරුදු තුනක් අපි දෙන්නා පට්ටම ආදරෙන් හිටියා මචං..” “ඇයි පැතුමෝ ඊටපස්සේ මොකද උනේ..දෙන්නා රන්ඩු උනාද” “කෙල්ල ටික ටික වෙනස් වෙනවා වගේ මට දැනුනා මචං..කවදාවත් නැතුව මාව මග අරිනවා වගේ දැනුනා බං.සමහර දවස් වලට කෝල් මැසේජ් මොකුත් නෑ” “ඊටපස්සේ උබ මොකද ඉතින් කරේ..” “කෙල්ලගෙ මේ වෙනස මට මාර ප්‍රශ්නයක් උනා බං..ඉවසල ඉවසලා බැරිම තැන මන් කෙල්ලගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා…” “ඉතින් මොකද කෙල්ල කීවෙ…” කෙල්ල එක පාරටම ඇහුවා කියපන්කෝ අයියේ අපි මේක නවත්තමුද කියලා😕 මට හිතාගන්න බැරුව ගියා බං මොකද මේ වෙන්නේ කියලා..මන් සිරා කරපු පලවෙනි ලව් එකනෙ බං.. “ඒ දවස් ටිකේ කොයි වෙලෙත් මගෙ ඇස් වල කදුලු බං..ඇඩුවා නෙවෙයි ඇඩුනා මචං. සිරාවටම එලි වෙනකන් අඩ අඩා කල්පනා කර කර හිටියා…” ලව් එක නවත්තමු කීවේ ඇයි කියලා ඇහුවත් කෙල්ල උත්තරයක් දුන්නේ නෑ.. මට හිතාගන්න බැරුව හිටියේ මොනවා කරන්නද කියලා..මොකද බං මගෙ හිතේ තිබුන හැම හීනෙකම වගේ මේ කෙල්ල හිටියා… ඉවසලා ඉවසලා බැරිම තැන මන් අඩ අඩා කෝල් කරා මචං කෙල්ලට… මන් කෙල්ලගෙන් ඇහුවා බං නවත්තමු කීවේ වෙන කොල්ලෙක් ඉන්න හින්දද කියලා.. “අනේ නෑ මගෙ දෙයියෝ..කවදාවත් මන් ඔයාගෙන් ඇර වෙන ආදරයක් පතන්නේ නැ මගෙ අයියේ… “එහෙනම් ඇයි නංගි නවත්තමු කියන්නේ…මොකක්ද හේතුව….. “අනේ අයියේ මට සමාවෙන්න… “ඇයි මගෙ පන සමාව ඉල්ලන්නේ…ඔයා මොකුත් වැරද්දක් කරේ නෑනේ… “මන් අවුරුදු තුනක්ම ඔයාට හන්ගපු එකම එක දෙයක් තියෙනවා මගෙ අයියේ… “ඒ මොකක්ද නංගී… “ඒක කීවට පස්සෙ ඔයා මාව දාලා යයිද දන්නෙ නැ අයියේ.. “නෑ රත්තරං කවදාවත්ම මන් ඔයාව දාලා යන්නේ නෑ…සත්තයි ප්ලීස් කියන්නකෝ නංගි ඒ මොකක්ද කියලා… “අනේ අයියේ….. “මන් තරහා වෙන්නේ නෑ මගෙ නන්ගිත් එක්ක ඒක මට හැන්ගුවා කියලා…සත්තයි… “අයියේ මගෙ පපුවේ ලෙඩක් තියෙනවා…හැම වෙලාවෙම නහයෙනුයි කටෙනුයි ලේ එනවා.. මාසෙකට සැරයක් ඔපරේශන් එකක් කරන්න තියෙනවා…ඒකෙන් තමයි මෙච්චරවත් ජීවත් වෙලා ඉන්නේ මන්.. ඩොක්ටලා කියලා ඒක හොද කරන්න බෑ කියලා.මන් තව ටික කාලයයි ඉන්නේ අයියේ…ඊටපස්සේ මට ඔයාලා හැමෝගෙන්ම ඈත් වෙලා යන්න වෙනවා…” ****************** උබට හිතාගන්න පුලුවන් නේද මට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇතිද කියලා…ඒ වචන ටික මගෙ කන් දෙකේ දෝන්කාර දෙන්න පටන් ගත්තා මචං.. මොනවා කියන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා… “නෑ රත්තරං කවදාවත් ඔයාට එහෙම වෙන්නේ නෑ.ඔයාට අනිවාර්යෙන්ම හොද වෙනවමයි…. “ඩොක්ටලා කියලා අයියේ මේක හොද කරන්න බෑ කියලා..ලක්ෂ ගානක් යනවලු ඔපරේශන් කරොත්..අනික අපිට කොහෙන්ද එච්චර සල්ලි මගේ අයියේ…. “අපි කොහොමහරි ඒ ඔපරේශන් එක කරමු නන්ගි.. “දැන් පරක්කු වැඩියි මගෙ අයියේ…මට යන්නම වෙනවා..ඔයා මගෙන් ඈත් කරන්න හැදුවේ ඒකයි දෙයියනේ..ඔයා ඒ දවස් වල දුකෙන් හිටියා කියලා මන් දන්නවා…. මේ පව්කාරිට සමාව දෙනවා නේද අයියේ…. “ඔයා කවදාහරි දවසක මාව දාලා යනවනම් එ අන්තිම තප්පරේ වෙනකන් මන් ඔයාගෙ ලග ඉන්නවා මගෙ නන්ගි..මාත් මැරුනොත් ඔයාගෙ ලගටම එන්නම් කොහොමහරි හොයාගෙන… “නෑ නෑ මගෙ මැට්ටා කවදාවත් මැරෙන්නේ නැ… “එහෙම වෙන්නේ කොහොමද ඔයාමනේ කීවේ දවසක අපි අනිවාර්යෙන්ම මැරෙනවනේ කියලා… “ඒ උනාට මගෙ අයියා කවදාවත් මැරෙන්නේ නෑ… “අනේ මගෙ පන්ඩිත කෙල්ල..දැන් හොදටම පන්ඩිත වෙලානේ… *************** ඒ තමයි මචං කෙල්ලයි මායි කතා කරපු අන්තිම දවස..එදායින් පස්සෙ කෙල්ලගේ ෆෝන් එක වැඩ කරේ නෑ…අද වෙනතුරු කෙල්ල ගැන කිසිම තොරතුරක් දැනගන්න විදිහක් ලැබුනේ නැ මට.. නුවර ඉදන් දෙහිඅත්තකණ්ඩියට ගිහින් මන් කොහොමද බන් කෙල්ලගෙ ගෙදර හොයාගන්නේ ඇඩ්‍රස් එකවත් දන්නේ නැතුව.. එදා ඉදන් කෙල්ල මතක් වෙන වාරයක් ගානේ මගෙ ඇස් කදුලු වලින් පිරුනෙ මටවත් නොදැනීම බන්.. දුක නැති වෙන්න විස දුම අදින්න පුරුදු වෙලා මගෙ ජීවිතේ නන්නත්තාරම වෙලා ගියා බං… ඒත් මන් කෙල්ලට හිතින් ආදරේ කරන එක අද වෙනතුරු නැවත්තුවේ නෑ බං..කවදාවත් නවත්තන්නෙත් නෑ… කෙල්ල නැති පාලුව මකන්න කාටවත් බෑ බන්..ඒ රූපේ මැවිලා පේනවා තාමත්… මගෙ නන්ගිට මොකුත් වෙලා නෑ..මටනම් තාම විශ්වාස නෑ එහෙම මොකුත් වෙලා ඇති කියලා බං.. “ඔව් මචං..කෙල්ල හොදින් ඇති..උබ ගැන හිතනවා ඇති හැම වෙලාවෙම…උබට අනිවා කෝල් එකක් දෙයි.. “මගෙ පරන නම්බර් එක දැන් නෑනේ බන්..ඒ සිම් එක නැති උනා ෆෝන් එකත් එක්කම… “කෙල්ල හොදින් ඉන්නවා බන්..අනිවාර්යෙන්ම..උබට පනිවිඩයක් දෙන්න බැරුව දුකින් ඇත්තෙ… ” අවුරුද්දකට ලගයි බං කෙල්ල කතා කරන්නේ නැතුව..එදා ඉදන් අද වෙනතුරු…මේ දැන් වෙනතුරු විස දුම තමා බං මගෙ දුක නැති කරගන්න උදව් උනේ…🍁💉💊 ලගදිම දවසක මන් කෙල්ලගෙ ගෙදර හොයාගෙන යනවා මචං..කොහොමහරි හොයාගන්නවා..😐 මට හොදටම විශ්වාසයි මගෙ කෙල්ල තාමත් හොදින් ඉන්නවා කියලා..මාව දැකපු ගමන් දුවගෙන එයි මගෙ ලගට…ඇවිත් මෙච්චර දවසක් ලග හිටියේ නැති හින්දා තිබුන දුක නැති වෙනකන්ම මගෙ ලගට වෙලා ඉදියි..😕 අහිංසක බලාපොරොත්තුවක් 😔 නිමි.. (ඇත්ත සිදුවීමක්😐 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s